30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරූමස්සල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළෙයි

රූමස්සල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළෙයි

ගාල්ල – හබරාදුව, රූමස්සල මුහුදේදී ඊයේ (11) රාත්‍රියේ ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

හබරාදුව පොලිසිය පැවසුවේ මෙම අනතුරෙන් නුගදූව සහ මාගල්ල ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල – දෙවට මුහුදෙන් ඊයේ මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවකි.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම යාත්‍රාවේ ධිවරයින් තිදෙනෙක් සිට ඇති අතර රළ පහරට හසුව යාත්‍රාව උණවටුන – රූමස්සල මුහුදේදී අනතුරට ලක්ව තිබෙනවා.

ගොඩබිමට පැමිණි ධීවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අතුරුදහන් වූ ධීවරයින් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.