පොළොන්නරුව – වැලිකන්ද, නාමල්ගම ගම්මානයේ නිවසක සිට කුඹුරට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී අවුරුදු 19 ක් වයසැති තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද නාමල්ගම පදිංචිව සිටි තරුණයෙක්.
ඔහු තවත් දෙදෙනෙකු සමඟ කුඹුරට යමින් සිටියදී කුඹුරකට අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බිවල පැටලී මෙම මරණය සිදු වී ඇති බවයි සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.