27.2 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

හොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් ඊයේ (11) රාගම පොලිස් වසමේ පොඩි වී කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.

එහිදී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද රුපියල් තුන්ලක්ෂ විසිදෙදහක වටිනාකමකින් යුතු Manchester වර්ගයේ නීති විරෝධී දුම්වැටි 4,600 ක් සන්තකයේ තබාගෙන සිටි රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.