24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentA9 මාර්ගයේ මාරක රිය අනතුරක්

A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

යාපනය A9 මාර්ගයේ කයිතඩි – නුනාවිල් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් තරුණයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (12) අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

යාපනයේ සිට චාවකච්චේරි දෙසට ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් එම මාර්ගයේ ගමන් ගත් මෙම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.