28.9 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයේ රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

ඊශ්‍රායලයේ රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට

ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 1,689,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ අනුවයි මෙම සැකකාරිය ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ කාන්තාව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අද (13) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.