කුවේට් හි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් මියගිය ගණන 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සම්පූර්ණ ගොඩනැගිල්ල පුරාම ගින්න පැතිර යන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශනවල දැක්වුණා.
මියගිය සහ තුවාල ලැබූවන් විදෙස් ශ්රමියකයන් වන අතර බහුතරයක් ඉන්දීය ජාතිකයන්.
ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිකිරීම් ප්රමිතීන් උල්ලංඝනය කිරීම අනතුරට හේතුව බව කුවේට් උප අගමැතිවරයා පැවසුවා.
කුවේට් වේලාවෙන් බදාදා උදෑසන 6ට පමණ ගින්න හට ගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ල සේවකයින් 196 දෙනෙකුට පමණ නිවහන වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.