මෙරට වැඩිහිටි ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.
ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ වන විට මෙරට උපතේ දී ආයු කාලය අවුරුදු 79 ඉක්මවන බවත් ආසියාවේ ඉතා ශීඝ්‍රයෙන් වයසට යන ජනගහනයක් සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් වෛද්‍යවරයා එහිදී අවධාරණය කළා.