29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයාපනය මාධ්‍යවේදියෙකුගේ නිවසට ප්‍රහාරයක්

යාපනය මාධ්‍යවේදියෙකුගේ නිවසට ප්‍රහාරයක්

යාපනය, අච්චුවේලි පොලිස් වසමේ පිහිටි මාධ්‍යවේදියෙකුගේ නිවසට
අද (13) අලුයම් කාලයේදී නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අච්චුවේලි පොලීසිය පැවසුවේ මෙම ප්‍රහාරය හේතුවෙන් දේපල
රැසකට හානි සිදුව ඇති බවයි.

අද අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මාධ්‍යවේදියාගේ නිවසට ඇතුළු වී නිවසේ තිබූ දේපල රැසකට හානි
කොට ඇති අතරම නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියකට ද හානි කොට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමෙන් නිවසේ කිසිවෙකුටත් හානි සිදුව නැහැ. පහරදීම සිදු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකි වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

පැමිණි පිරිස දේපලවලට හානි කිරීමෙන් අනතුරුව යම් පෝස්ටරයක් දමා ගොස් ඇති අතර එහි සඳහන් කොට ඇත්තේ සංක්‍රාන්තික ලිංගිකයින්ගේ හැඟීම් සාවද්‍ය ලෙස ප්‍රකාශ නොකරන ලෙසයි.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය කිසියම් පෞද්ගලික හේතුවක් මත සිදුකළ ප්‍රහාරයක් බවට සැක පල කරන අතර අච්චුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.