G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද (13) සිට ආරම්භ වීමට නියමිතයි.
මෙවර එම සමුළුව පැවැත්වෙන්නේ ඉතාලියේ පූලියා හිදීයි.
එමෙන්ම මෙම සමුළුවේදී අමෙරිකානු ජනපති ජෝ බයිඩන් යුක්රේන සමග නව ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අදින් ඇරඹෙන සමුළුව මේ මස 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව පළමු දිනයේදී යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි තම රටේ තත්ත්වය පිළිබඳව සැසිවාරයට පෞද්ගලිකව එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.