― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot NewsIMF තෙවැනි ණය වාරිකය අනුමතයි

IMF තෙවැනි ණය වාරිකය අනුමතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිරිනමනු ලබන ණය මුදලෙහි දෙවන සමාලෝචනයට අනුමැතිය හිමි ව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ ශ්‍රී ලංකාව IMF වෙත ඉදිරිපත් කළ ණය මුදල ලබා ගැනීමේ දෙවැනි අදියර මෙලෙස අනුමත වී ඇති බවයි.

මෙය රටම ආර්ථිකමය වශයෙන් ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මෙම මූල්‍ය ප්‍රතිපාදන අනුමත වීම ඉදිරියේ දී රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ උදෙසා ප්‍රයෝජනයක් වනු ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වන බව පසුගියද වසර අවසානයේ දී (ඔක්තෝබර් 24) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්තී සුබ්‍රමනියම් පෙන්වා දෙන්නේ එම කැපවීම ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබාදීම සඳහා හේතුවක් වන බවයි.

ඒ හේතුවෙන් මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ ව ජාත්‍යන්තරය තුළ පැවතියේ යහපත් ප්‍රතිචාරයක්. මෙම ක්‍රියාවලියේ දී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබාදෙන සහයෝගය ද පසුගියදා ඇගයීමට ලක් වුණා.

එවන් පසුබිමකදියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙනු ලබන ණය මුදලේ දෙවැනි අදියර අනුමත වී ඇත්තේ.