30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅගමැති මෝදි ඉතාලියේ සංචාරයක

අගමැති මෝදි ඉතාලියේ සංචාරයක

තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ඉතාලියට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලි අගමැති ජෝර්ජියා මලෝනිගේ ආරාධනයක් මත G7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වන බවයි.

ඉතාලියේ පූලියා හිදී 50 වැනි G7 රාජ්‍ය නායක සමුළුව අද (14) පැවැත්වෙනවා.

සමුළුව අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉතාලි අග්‍රාමාත්‍යවරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

G7 සමුළුවට ඉන්දියාව සහභාගී වන එකොළොස් වැනි අවස්ථාව වන අතර අගමැති මෝදි සමුළුවට පිට පිටම සහභාගි වන පස්වැනි අවස්ථාව වනවා.