30.6 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසියේම ගත් තීරණය

දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසියේම ගත් තීරණය

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පස්වරු 2.00 පෙර සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ එකම සේවා ගණයට අයත්ව සිටි ශ්‍රේණිවලින් දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණිය පමණක් සිතාමතාම මඟහැර සෙසු ශ්‍රේණි සඳහා වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම මගින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය නිරවුල් කරගැනීම සඳහා අවස්ථා ගණනාවක දී බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද එහිදී ලබාදුන් එකඟතා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.