29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

මැතිවරණය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැටලුවක් නොවන බව IMF හි ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (14) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ නියෝජිතයින් පිරිසක් පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.

එය ඕනෑම රටක නිශ්චිත කාලසීමාවක දී ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් පැවැත්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද අනුමත කරන බව පැවසූ බෘෘවර් වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ නුදුරේදී මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් අනිවාර්‍යෙයෙන් ම IMF වැඩසටහනේ කාල රාමුවට බලපාන හෙයින් අදාළ බලධාරීන් සමග එක් ව ඊට අවශ්‍ය කාල රාමුවක් සැකසිය යුතු බවයි.

පෙරේදා දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය මුදල යටතේ ලබාදෙන තෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදෙනු ලැබුවා.

එය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 336ක්.