ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව මුංඇට, කඩල, දුඹුරු සීනි හා වියළි මිරිස් මිල මෙලෙස පහළ දමා තිබෙනවා
නිවේදනයක් නිකුත් කරමින් සතොස ආයතනය පවසන්නේ මුංඇට කිලෝග්රෑමයක් රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1,100ක් ලෙසයි.
කඩල කිලෝග්රෑමයක් රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 448ක් ලෙස දැක්වෙනවා.
එමෙන්ම දුඹුරු සීනි කිලෝග්රෑමයක් රුපියල් 05කින් සහ වියළි මිරිස් කිලෝ ග්රෑමයක් රුපියල් 05කින් මිල අඩු කර තිබෙනවා.