23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහිරුණිකාට එරෙහි නඩුවක් කල් යයි

හිරුණිකාට එරෙහි නඩුවක් කල් යයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සමේ වග උත්තරකාරියක ලෙස නම් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඉදිරි නඩු දිනවලදී අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටීම අවශ්‍ය නොවන බව අභියාචනාධිකරණය නියම කළා.

ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම අද (14) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවට අදාල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පාර්ශවයට අධිකරණය විසින් දින ලබා දුන්නා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාරියට මේ දක්වා චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර නොමැති නිසා ඇයට පෞද්ගලික අධිකරණය පෙනී සිටීමට අවශ්‍ය නොවන බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න විරෝධය පළ කළා.

කෙසේ වෙතත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටීම අනවශ්‍ය නොවන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල පැමිණිල්ල නැවත සැප්තැම්බර් මස 11 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.