28.4 C
Colombo
Saturday, September 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋයන්වත්ත වැවේ තිබී මළ සිරුරක් හමුවෙයි

උයන්වත්ත වැවේ තිබී මළ සිරුරක් හමුවෙයි

බණ්ඩාරගම, කොතලාවල, උයන්වත්ත වැවේ පාවෙමින් තිබියදී මළ සිරුරක් හමු වූ බව බණ්ඩාරගම පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මීට දිනකට පෙර නිවසින් පිටවී ගිය බණ්ඩාරගම, රයිගම, උයන්වත්ත පාර පදිංචිව සිටි නිවිති ගලගේ සිරිල් නැමැති 82 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයකු බවයි පොලීසිය පැවසුවේ.

පොලීසියට ලද ඇමතුමකට අනුවයි මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මියගිය තැනැත්තා පෙරේදා (15) නිවසින් පිටවී ගොස් තිබූ අතර ඔහු එදින නිවසට නොපැමිණ ඇති බවයි පොලීසිය පවසන්නේ.

මළ සිරුර පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.