27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්ලාන්ත වූ සිසුවා මහමඟ අවසන් ගමන් යයි

ක්ලාන්ත වූ සිසුවා මහමඟ අවසන් ගමන් යයි

ක්ලාන්ත වීම හේතුවෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තෝල්පුරම් ප්‍රදේශයේ පදිංචි තවරාසා ගෝපිකුමාරන් නමැති 16 හැවිරිදි සිසුවෙකි.

එම සිසුවා ඊයේ පස්වරුවේ සිය මිතුරා සමඟ අසළ පිහිටි වෙළෙඳසැලකට ගොස් ඇති අතර එහිදී සුළිපුරම් හන්දිය අසළදී ඔහු හදිසියේම ක්ලාන්ත වී ඇත.

යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් සිසුවා මියගොස් සිටි බවයි වෛද්‍යවරුන් පැවසුවේ.

ඔහුගේ හෘද නාලිකාවේ ඇති වූ අවහිරතාවක් හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවයි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.