27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනෙට සජීවි අසැබි දසුන් විකුණූ යුවළ 02ක් අත්අඩංගුවට

චීනෙට සජීවි අසැබි දසුන් විකුණූ යුවළ 02ක් අත්අඩංගුවට

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කිරීමේ ජාවාරමක නිරත තරුණ අඹුසැමි යුවළ දෙකක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විසින් එම සජීවී දර්ශන යොමු කිරීම මඟින් මහා පරිමාණයෙන් මුදල් උපයා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් 22,23,26,27 යන වයස්වල පසුවන බවයි.

පිළියන්දල, බටකැත්තර, කෝංගහවත්ත පාර දෙවන පටුමග ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ මොවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.

සැකකරුවන් සහ සැකකාරියන් සමඟ එම කාර්යය සඳහා යොදාගත් ඇස් ආවරණ සහිත වර්ණ වෙස් මුහුණු, අයිස් කැප් මුහුණු ආවරණයක්, කාන්තාවන් ස්වයං වින්දනය සඳහා යොදාගන්නා රබර් උපකරණයක්, ආලෝක කරන ෆ්ලෑෂරයක්, ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක් ද පොලිසිය විසින් මෙහිදී සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළ දෙක කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.