28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සාව හිස ඔසවයි

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සාව හිස ඔසවයි

මේ වනවිට කුඩා දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වෛරසය ශ්වසන මාර්ගයට සෘජුවම බලපෑම් එල්ලකිරීම හේතුවෙන් උණ, උගුරේ අමාරුව, ඇඟපත කැක්කුම, හිසරදය, කැස්ස, තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ දරුවන් අතර පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙනවා දෙන්නේ.

මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසයි වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පහසුවෙන් පැතිරීමේ හැකියාවක් ඇති බැවින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතු බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.