27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය දෙකක් එකිනෙක ගැටී 15ක් ජීවිතක්ෂයට

දුම්රිය දෙකක් එකිනෙක ගැටී 15ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (17) පෙරවරුවේ සිදු වූ මෙම දුම්රිය අනතුරෙන් තවත් 60 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

ඇසෑම් ප්‍රාන්තයේ සිල්චාර් සිට කොල්කටා හි සීල්ඩා දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය රංගපානි දුම්රිය ස්ථානය අසලදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු ශීඝ්‍රගාමී දුම්රියේ අවසන් දුම්රිය මැදිරි 03 පීලි පැනීම හේතුවෙන් තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.

එමෙන්ම මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 02ක මුදලක් සහ තුවාල ලැබූ අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක වන්දි මුදලක් පිරිනැමීමට ඉන්දීය රජය තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.