29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපරාජයේ සම්පූර්ණ වගකීම අපි භාර ගන්නවා

පරාජයේ සම්පූර්ණ වගකීම අපි භාර ගන්නවා

ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් නායකයෙක් සහ ක්‍රීඩකයෙකු වශයෙන් තමන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සමඟ පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වෙමින්.

දක්ෂ පන්දු යවන්නන් කණ්ඩායම තුළ සිටියත් පිතිකරුවන්ගේ පැවති දුර්වලතා හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් කලින්ම ඉවත්වීමට සිදුවූ බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කලක සිට පවතින අඩුපාඩු තවමත් හදාගැනීමට කටයුතු කර නොමැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායම වටා සිටින ප්‍රේක්ෂකයින් තරහා කරවීමේ අරමුණින් එක්තරා පිරිසක් සමාජ මාධ්‍ය තුළ කටයුතු කරමින් සිටින බවත් වනිඳු එහිදී අවධාරණය කළා.

එමෙන්ම ලෝක කුසලාන තරගාවලියේ ලද මෙම අවමන් සහගත පරාජයේ වගකීම තමන් ඇතුළු කණ්ඩායම භාරගන්නා බව වනිඳු මෙහිදී සඳහන් කර සිටියා.