25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේම අත්හිටුවයි

ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේම අත්හිටුවයි

ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නළයක් පුපුරා යෑම හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ලැබූ බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ගොඩගම මංසන්ධිය ආසන්නයේදී අද (17) අලුයම මෝටර් රථයක් මෙම ජල නළයේ ගැටී අනතුරට ලක් වීමත් සමඟ එම නළය පුපුරා යෑමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ මෝටර් රථයේ සිටි පුද්ගලයින් සිවුදෙනෙක් ද තුවාල ලබා හෝමගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.