27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොල් ගෙඩියෙන් ආ මාරයා බිළිඳියක් බිලිගනී

පොල් ගෙඩියෙන් ආ මාරයා බිළිඳියක් බිලිගනී

ගලහ ප්‍රදේශයේදී මාස 11ක දැරියකගේ හිසට මතට පොල් ගෙඩියක් වැටීමෙන් එම දැරිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලහා, දෙල්තොට, නාරන්හින්නවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ලෝගේෂ්වරන් කියාංෂිනි නැමැති දැරියක් බවයි.

දැරියගේ පියා විසින් ඇය රැගෙන අසල්වැසි නිවසකට ගොස් යළි එමින් සිටියදී එම නිවස ඉදිරිපිට තිබූ පොල් ගසකින් පොල් ගෙඩියක් දැරියගේ හිස මතට වැටී තිබෙනවා.

අනතුරුව වහාම දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර අයගේ තත්ත්වය බරපතළ වීමත් සමඟ පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.