― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsරටේ අනාගතය තීරණය වන්නේ ආර්ථික ප්‍රතිපත්තිය මතයි

රටේ අනාගතය තීරණය වන්නේ ආර්ථික ප්‍රතිපත්තිය මතයි

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (16) මන්නාරම දිස්ත්‍රික් ‘තරුණ සමුළුවට’ සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා මෙහිදී තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විමසා බැලීම ද විශේෂත්වයක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට ද කටයුතු කළේය.

කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ බවත්, රැකියා අවස්ථා නොලැබුණු සියලුදෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමින් තමන්ගේත්, රටේත් අනාගතය යහපත් කර ගන්නවාද යන්න තරුණ පරපුර තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුව හඳුන්වා දී ඇති ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට, ඉදිරියට ගෙන යන්නේ නම් ඉදිරියේ දී රටට ආයෝජකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

කලින් කලට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට එකම ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නේ නම් රටක් ලෙස ජයග්‍රහණය කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ආර්ථික පරිවර්තන නීතිය හරහා නව ආර්ථික ප්‍රතිපත්තිය රට හමුවේ තබා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ ඔස්සේ ඕනෑම ආණ්ඩුවකට රට ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

මෙරට ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන විසදුම් සෙවීමට උත්සාහ කළද ආර්ථික විසඳුම් සෙවිමට උත්සාහ කර නොමැති බවත්, රට ගොඩනැගිය හැක්කේ විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ දෙපයින් නඟා සිටුවීමට තමාට හැකි වූ බව පැවසු ජනාධිපතිවරයා ක්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරියේදී සියලු පාර්ශව වෙත තවදුරටත් සහන සැලසීමට කටයුතු කරන බවද සඳහන් කළේය.