27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් වුණා.

ශාන්ත ලුසියා හි ඩැරන් සැමී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 83කින් ජය ගනු ලැබුවා.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී අද රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 34ක් රැස් කළා.

අනතුරුව ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට නෙදර්ලන්තය පිටියට පිවිසි අතර, එහිදී ඔවුන්ට පන්දුවාර 14යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 83ක් දැවැන්ත ජයක් හිමි වුණා.