― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsගෘහ සේවයට ගිය කතකට සෞදි හාම්පුතුන්ගෙන් හිරිහැර

ගෘහ සේවයට ගිය කතකට සෞදි හාම්පුතුන්ගෙන් හිරිහැර

මෙරට පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බොහෝ දෙනෙක් මැද පෙරදිග ගෘහ සේවය සඳහා යොමුවීම අප වැනි මධ්‍යම පාන්තික රටක සුලබව සිදුවන්නක්.

නමුත් මුදල් සොයා මැද පෙරදිග ගෘග සේවයට යන ඇතැමෙකුට දරන්නට සිදුවන පීඩා නම් අපමණයි.

අප මේ කියන්නට යන්නේත් මැද පෙරදිගින් ඇසෙන එවැනි තවත් කදුළු කතාවක්.

අනුරාධපුර, හොරොව්පතාන, මොරකෑව පදිංචි ශාලිකා ලක්මාලි මීට වසර එක හමාරකට පමණ පෙර සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව යන්නේ තම නිවසේ පැවති අනේක විධ දුක් කම්කටොලු තවදුරටත් ඉවසා ගැනීමට නොහැකිවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා 2022 වර්ෂයේ නොවැම්බර් මස 21 වැනිදා ඇය සෞදි අරාබියාව බලා පිටත්ව යනවා.

රියාද් නගරයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් හරහා ඇය ගෘහ සේවය සඳහා රියාද් නගරයේ පිහිටි නිවසකට යොමු කර ඇති අතර එහිදී ඇයට විඳින්නට සිදුව ඇත්තේ කිසිසේත්ම අපේක්ෂා නොකළ තරම් වද බන්ධනයි.

නිවැසියන් ඉදිරියේ නිරුවත්වීමට මෙන්ම නිවැසියන් බලා සිටියදී දියනෑමට පවා සිදුව ඇතැයි ශාලිකා ලක්මාලි පවසනවා

ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනුරාධපුර කාර්යාලයට මෙන්ම ඇය රැකියාව සඳහා පිටත්ව ගිය කුරුණෑගල පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත් කිසිදු සහනයක් නොලැබුණු බවයි.