25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගොඩගම ජල නළයේ අලුත්වැඩියා කටයුතු අවසන්

ගොඩගම ජල නළයේ අලුත්වැඩියා කටයුතු අවසන්

ලබුගම, කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.

ඒ අනුව අද (18) දහවල් වන විට 80%ක පමණ ප්‍රදේශයකට ජල සැපයුම යථා තත්ත්වයට පත්කළ හැකි බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරී කුමුදු විජය ගුණවර්ධන පැවසුවේ.

අද අලුයම 4.00 පමණ වනවිට එහි අලුත්වැඩියා කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර උස් බිම්වල පිහිටි නිවාස වෙත අද පස්වරුව වනවිට ජල සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි සඳහන් කළේ.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම් කාලයේදී මෝටර් රථයක් ජල නළයේ ගැටීමෙන් නළය පුපුරා ගොස් තිබුණා.