29.5 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'දෙමටගොඩ කමල්ගේ' අති නවීන ගිනිඅවි 02ක් අල්ලයි

‘දෙමටගොඩ කමල්ගේ’ අති නවීන ගිනිඅවි 02ක් අල්ලයි

2010 වසරේදී ඝාතනයට ලක් වූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘දෙමටගොඩ කමල්ගේ’ පිස්තෝල අවි දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (17) හොරණ හා හංවැල්ල පොලිස් බල ප්‍රදේශවලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එහිදී මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකුව සිටි 2010 වසරේදී ඝාතනයට ලක්වු දෙමටගොඩ කමල් නැමැත්තා සතුව තිබූ චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත අති නවීන මිලිමීටර් 9 ප්‍රමාණයේ CZ වර්ගයේ පිස්තෝල දෙකක් හා එම අවියට යොදන පතොරම් ගැබ් 02ක් හමු වී තිබෙනවා.

එම පතොරම් සමඟ හොරණ සහ පහළ හංවැල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 46 ත්, 55 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ හා හංවැල්ල පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.