26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපුටින් උතුරු කොරියාවේ සංචාරයක

පුටින් උතුරු කොරියාවේ සංචාරයක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ක්‍රෙම්ලිනය නිවේදනය කරනවා.

ඔහු මෙලෙස උතුරු කොරියානු සංචාරයක නිරත වන්නේ වසර 24 කට පසුව වීම විශේෂත්වයක්.

ඒ අනුව ව්ලැඩිමීර් පුටින් හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර සාකච්ඡා ප්යොන්යන් අගනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නායකයන් දෙපළ අවසන් වරට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේදී හමු වුණා.

ක්‍රෙම්ලිනය පවසන්නේ මෙය හුදෙක් මිත්‍රශීලී රාජ්‍ය සංචාරයක් පමණක් බවයි.

උතුරු කොරියාවෙ සංචාරයෙන් පසු ව්ලැඩිමීර් පුටින් වියට්නාමයට පැමිණීමට නියමිතයි.