පොසොන් සතිය අදින් (18) ඇරඹෙනවා.
ඒ අනුව අදින් ආරම්භ වන පොසොන් සතිය ලබන 24 වැනිදා දක්වා ක්රියාත්මකයි.
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇති බවයි වාර්තා වන්න්නේ.
මේ හේතුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව ද තර කර ඇති අතර ඒ අනුව පොලිස් නිලධාරීන් 4,500ක් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන තිබෙනවා.