27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබටහිර ඉන්දීය කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්

බටහිර ඉන්දීය කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.

ඒ ඇෆ්ගනිස්ථානය ලකුණු 104 කින් පරාජය කරමින්.

තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කොදෙව්වන්ට ආරාධනා කළ අතර කොදෙව්වන් කඩුලු පහක් දැවී ලකුණු 218ක් රැස් කළා.

පන්දු 53ක් තුළ නිකලස් පූරන් ලකුණු 98ක් රැස් කළ අතර ඊට හයේ පහර 08ක් සහ හතරේ පහර 06ක් ඇතුළත්.

මෙම තරගයේදී නිකලස් පූරන් ජගත් විස්සයි විස්ස පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවා බවට පත්වීම ද විශේෂත්වයක්.

මීට පෙර හිටපු ක්‍රීඩක ක්‍රිස් ගේල් එම වාර්තාවට හිමිකම් කියූ අතර ඔහුගේ වාර්තාව පරාජය කළ නිකලස් පූරන් මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හයේ පහර 128ක් එල්ල කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 16යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.