30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට දරු උපත්වල පහළ යෑමක්

මෙරට දරු උපත්වල පහළ යෑමක්

මෙරට දරු උපත් සංඛ්‍යාව සැලකිය යුතු අගයකින් පහළ ගොස් තිබෙනවා.

නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ගෙවුණු වසර 5 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි අගයකින් පහළ ගොස් ඇති බවයි.

පසුගිය වසර 5 සම්බන්ධයෙන් නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදු කළ පර්යේෂණයකින් මේ බව සනාථ වී තිබෙනවා.

එමෙන්ම එම පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බවයි.

කෙසේනමුත් වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ මෙම තත්ත්වය මත මහලු ප්‍රජාව වැඩි වී තරුණ ප්‍රජාව අඩුවීම හරහා රටේ ශ්‍රම බලකායේ අඩුවක් සිදුවිය හැකි බවයි.