26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිවාහ උත්සවයට පැමිණි දරුවෙක් අතුරුදන්

විවාහ උත්සවයට පැමිණි දරුවෙක් අතුරුදන්

නෝර්වුඩ් පොලිස් වසමේදී අවුරුදු 04ක පිරිමි දරුවෙකු අතුරුදන් වී තිබෙනවා.

මෙම දරුවා ඊයේ (17) රාත්‍රියේ සිට අතුරුදහන්ව ඇති බවටයි නෝර්වුඩ් පොලිසියට පැමිණිල්ල්ලක් ලැබී ඇත්තේ.

නල්ලතන්නිය, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිවදාසන් අභිලාස් නැමැති මෙම පිරිමි දරුවා ඔහුගේ දෙමාපියන් සමග නෝර්වුඩ්, ඩන්කන් ප්‍රදේශයේ ඥති නිවසක පැවති විවාහ උත්සවයකට පැමිණ තිබෙනවා.

දරුවා විවාහ උත්සවයට අතරතුර සෙල්ලම් කරමින් සිට ඇති බවත් පසුව සොයා බලන විට දරුවා සොයාගැනීමට නොහැකි වී ඇති බවත් දරුවාගේ දෙමාපියන් පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

දරුවා සොයා නෝර්වුඩ් පොලීසිය වැඩිදුර මෙහෙයුම් අරඹා තිබෙනවා.