30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළියට තවත් නඩුවක්

කෙහෙළියට තවත් නඩුවක්

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට තවත් චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඒ තමන්ගේ ධුර කාලය තුළ රජයෙන් ලබා දුන් නිල වාහන යළි අමාත්‍යාංශය වෙත භාර නොදීමේ චෝදනාව සම්බන්ධවයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත සිවිල් පුරවැසියෙකු පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ අනුවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේ.

අමාත්‍යවරයාගේ ධුර කාලයේ දී ඔහුට නිල රථ 02ක් ලබා දී ඇති බවත් ඒවා යළිත් භාර දී නොමැති බවත් එම පැමිණිල්ලේ සඳහන්.

2022 මැයි මස සිට සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන අවධියේ දී ම එම අමාත්‍යාංශය මගින් කෙහෙළිය රඹුක්වැල්ල හට ලබා දුන් මර්සිඩීස් බෙන්ස් කාර් රථය සහ ලෑන්ඩ්කෘෂර් වී-8 ජීප් රථය ද 2023 ඔක්තෝබර් 23 වැනි දින සිට පරිසර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව ද රැගෙන ගොස් භාවිත කර ඇති බවත් හෙළි ව තිබෙනවා.

සෙසු නිල රථ රජය වෙත ලබා දී තිබුණ ද බෙන්ස් කාර් රථය හෝ ලෑන්ඩ්කෘසර් රථය ලබා දී නොමැති වීම හේතුවෙනුයි මෙම පැමිණිල්ල එල්ල වී ඇත්තේ.

කෙසේවෙතත් රක්ෂිත බන්ධනාගාරගත ව සිටින රඹුක්වැල්ල මහතාගේ මෙම නිල වාහන සම්බන්ධයෙන් වන සියලුම බේරුම් ඔහුගේ ලේකම්වරුන් මගින් යථා තත්ත්වයට පත් කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත 2024 මැයි මස 25 වැනි දින භාර දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත ලිඛිත ව දැනුම් දී තිබෙනවා.

නමුත් මේ වනවිට ඉහත නිකුත් කර තිබූ නිල රථ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භාරයේ ඇති අතර ඒ නිල රථ අවභාවිතයක් සිදු ව ඇති දැයි යන්න පිළිබඳ ව තවදුරටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය පරීක්ෂණ මගින් අනාවරණය කරගැනීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වනවා.