ලබන 26 වැනිදා ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසුවේ පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ඉටු කිරීමට පියවර නොගතහොත් සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වන බවයි.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (18) පැවති උත්සවයකදී කියා සිටියේ ගුරුවරුන් වෘත්තීය කටයුතුවල නිරත වුවද වත්මන් දරු පරපුර අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් ඉටුකරන බවයි.