― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsණය හිමි රටවල් සමඟ ඉදිරියේදී ගිවිසුමක්

ණය හිමි රටවල් සමඟ ඉදිරියේදී ගිවිසුමක්

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනය අද (19) පෙරවරුවේ විවෘත කරමිනි.

තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ නමින් නව ආයතනයක් පිහිටුවමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපතිවරයා පවසනවා.

රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන සෑම කටයුත්තකදීම අධිකරණයට යාමට ඇතැමුන් පුරුදු වී ඇති අතර එසේ කිරීමෙන් රට සංවර්ධනය කළ නොහැකි බවත් ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත් ජනධිපතිවරයා අවධාරණය කළා.