27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැඩි රැකවල් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ දිවයිනට

දැඩි රැකවල් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අද (19) දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් අද උදෑසන 08.40ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත් තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව බොහෝ කණගාටුවට පත්වන බවත්ය.

කෙසේනමුත් ඔවුන් වෙනදා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණියද, අද මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු ‘සිල්ක් රූට්’ පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.