32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපියුමි හංසමාලිගේ වත්කම් ගැන අධිකරණ නියෝගයක්

පියුමි හංසමාලිගේ වත්කම් ගැන අධිකරණ නියෝගයක්

සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බව කියන නිරූපිකාවක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.


රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු වාර්තා කැඳවීමට මෙම නියෝගය ලබා දුන්නා.

‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමි හංසමාලි රුපියල් ලක්ෂ අටසීයකට රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශනය සිදුකරන අතර රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා තිබෙනවා.