පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ජූලි මස 08 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) නියම කළා.
අදාළ පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 08ක් කැඳවීමෙන් අනතුරුවයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේ.