27.2 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරියදුරුට නින්ද ගොස් තේ වත්තට කඩාවැදුණු මෝටර් රථය

රියදුරුට නින්ද ගොස් තේ වත්තට කඩාවැදුණු මෝටර් රථය

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ හොරණ සිට නුවරඑළිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (19) අලුයම 5.15 ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන්, කුයිල්වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන, තේ වත්තක් දෙසට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.