28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News30 දෙනෙකු රෝහලට යැවූ බස් රථ අනතුර

30 දෙනෙකු රෝහලට යැවූ බස් රථ අනතුර

කඩුවෙල – රනාල ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බෝමිරිය විද්‍යාලයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි සිසු සැරිය රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (19) දහවල් 2ට පමණයි මෙම අනතුර සිදුව ඇත්තේ.

සිසු සැරිය බස් රථය ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එම බස් රථවල ගමන් ගත් සිසුන් සහ වෙනත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා නවගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හංවැල්ල පොලිසිය පැවසුවේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.