― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඇමරිකාව පරදා දකුණු අප්‍රිකාවට ජය

ඇමරිකාව පරදා දකුණු අප්‍රිකාවට ජය

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනා අතර තරග වටයේ පැවති ආරම්භක තරගයේ ජය වාර්තා කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඊයේ (19) නෝර්ත් සවුන්ඩ් හි දී අමෙරිකාවට එරෙහිව පැවති මෙම තරගය ලකුණු 18කින් දකුණු අප්‍රිකානුවන් ජය ගත්තා.

තරගයේ කාසිය වාසිය දිනූ අමෙරිකානුවන් පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු පිළට ආරාධනා කළ අතර පන්දුවාර 20 අවසානයේදී දකුණු අප්‍රිකානුවන් කඩුලු 04ක් දැවී ලකුණු 194ක් රැස් කළා.

Quinton de Kock විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 07ක් සමගින් පන්දු 40ක දී ලකුණු 74ක් රැස් කළා. එයිඩ්න් මාක්‍රම් ලකුණු 46යි.

කඩුලු බිඳ දැමීමේ දී Saurabh Netravalkar සහ Harmeet Singh කඩුලු 02ක බැගින් දවා ගත්තා. ජයග්‍රහණයට පන්දු 120ක දී ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය අමෙරිකාවට පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි.

Andries Gous පන්දු 47ක දී ලකුණු 80ක් රැස් කළා. Kagiso Rabada කඩුලු 03ක් බිඳ දමද්දී, මහරාජ්, ශම්සි සහ නෝට්ජේ එක් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය Quinton de Kock විසින් දිනා ගනු ලැබුවේ සුපිරි 08 දෙනාගේ තරග වටයේ දී තමන් ලැබූ පළවෙනි ජයග්‍රහණය ද දකුණු අප්‍රිකාව තමන් සතු කර ගනිමින්.