බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල ප්‍රදේශයේදී අද (20) දහවල් ත්‍රිරෝද රථයක් අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල වෙත මරුකර යවා ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මීගහකිවුල පොල්ගහඅරාව ගම්මානයේ පදිංචි අවුරුදු 40-60 අතර වයසේ පසුවන පුද්ගලයින් සිව් දෙනෙකි.
තුවාලකරුවන් අතර ආබාධිතයින් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.
මීගහකිවුල නගරයේ සිට පොල්ගහඅරාව ගම්මානය දක්වා ධාවනය වෙමින් තිබූ ඩීසල් වර්ගයේ ත්‍රිරෝද රථය අඩි 30 පමණ උසැති බෝක්කුවකින් පහළට පෙරළී යාමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.