― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsදරුවන්ට වඩාත් හොඳ රටක් නිර්මාණය කර දෙනවා - ජනපති

දරුවන්ට වඩාත් හොඳ රටක් නිර්මාණය කර දෙනවා – ජනපති

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (19) පැවති උත්සවය අමතමිනි.

මේ රටේ කිසිඳු දරුවෙකුට දුක් විඳීමට ඉඩ නොතබන බව තමා තීරණය කළ බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට තමා කැපවූයේ ඒ වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ජනතාවට ආදායමක් ලබාදීමට අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත්, භූමියේ අයිතිය ලබාදීමට උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් පැවසු ජනාධිපතිවරයා දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළ බවද සඳහන් කළේය.‍

අද මේ රටේ දරුවන්ට ඉතා සතුටුදායක දිනයක්. මෙම ශිෂ්‍යත්ව මුදල් හිමිවිම පිළිබඳ පළමුව ඔබ සියලුදෙනාට සුබ පතනවා. මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලක්ෂයක් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම උසස් පෙළ සිසුන් වෙනුවෙන් රුපියල් 6,000ක ශිෂ්‍යත්වයක් ද පිරිනැමෙනවා. මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම වෙනුවෙන් අප ජනාධිපති අරමුදලින් රුපියල් බිලියන 04ක් වෙන් කර තිබෙනවා. පසුගිය වසර 03 අප සියලුදෙනාටම අසීරු කාලයක් වුණා. අපි සියලුදෙනා දුක් වින්දා. ආහාර නැතිව ගියා. දරුවන්ට පාසලට යාමට ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකි වුණා. දැන් එම කාලය අවසන් වී තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස මම මේ රටේ දරුවන්ට දුක් විදීමට ඉඩ නොතබන බව තීරණය කළා. ඒ අනුව හැකි ඉක්මණින් මේ රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.

රට බංකොළොත්භාවයෙන් නිදහස් කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ තුළින් ඉදිරි වසර 05-10 තුළ දරුවන්ට වඩා හොඳ රටක් නිර්මාණය කර දීම අපේ අරමුණයි. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග අහිමි වුණා. ඒ අනුව අස්වැසුම වැඩසටහන හරහා පවුල් ලක්ෂ 24කට සහන ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ජනතාවට තමන් ජිවත්වන ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලබාදීම වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම නාගරික මහල් නිවාසවල ජිවත්වූ ජනතාවට එම නිවසේ අයිතිය හිමිව තිබුණේ නැහැ. ඒ නිසා රජයේ ඉඩමක ජීවත් වූ, රජයේ ඉඩමක ගොවිතැන් කළ, රජයේ මහල් නිවාසයක ජිවත් වු සියලුදෙනාට එම අයිතිය ලබා දි තිබෙනවා. ඒ වගේම රටේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් ඔබ සියලුදෙනාට මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව ජනතාවට ආදායම් ලබාදීමට, අයිතිය ලබාදීමට මෙන්ම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. එසේනම් මෙම ශිෂ්‍යත්වයෙන් නිසි ප්‍රයෝජන ලබාගෙන, තමන්ගේ අධ්‍යාපනය දියුණු කර ගන්නා මෙන් මා මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.”