පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අද (20) සිට විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වන්දනාකරුවන් අනුරාධපුර පූජා භූමිය වෙත ප්‍රවාහනය කිරීමේ පහසුව සඳහා බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මේ බව සඳහන් කළේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසුවේ අනුරාධපුරයට පැමිණෙන ජනතාව සඳහා අමතර බස් රථ ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇති බවයි.