― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලොතරැයි මුද්‍රණ කොන්ත්‍රාත්තුවට අනුමැතිය

ලොතරැයි මුද්‍රණ කොන්ත්‍රාත්තුවට අනුමැතිය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට පරිගණක ආශ්‍රිත ලොතරැයිපත් මුද්‍රණය කර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ලග්න වාසනාව, අද කෝටිපති, සනීතා, සුපර් බෝල්, ජයෝදා, කපෘක යන ලොතරැයිපත් පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම් සඳහා ප්‍රවේශපත්‍ර මුද්‍රණය කර නිකුත් කිරීම සඳහා ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර ඇති බව රජය පවසනවා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය මත ලොතරැයිපත් මුද්‍රණය සහ සැපයීමේ කොන්ත්‍රාත්තුව වසරක කාලයක් සඳහා sanndhahaa Toppan Forms (Colombo) Ltd. DPJ Holdings (Pvt) Grand Export (Pvt) Ltd. වෙත ලබා දී තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.