29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2,155ක්

විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2,155ක්

මේ වසරේ ජනවාරි සිට ජුනි 18 දක්වා කාලය තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2,155ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 1,051ක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ගොනු කර ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එමෙන්ම නීතිවිරෝධී විදේශ රැකියා ආයතන 11ක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇති අතර මෙම කාලය තුළ වංචනිකයින් 65 දෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර විදේශ රැකියා වංචාවලට සම්බන්ධ බලපත්‍රලාභී රැකියා ඒජන්සි හිමියන් 8 දෙනෙකු ද වනවා.

මේ දිනවල විදේශ රැකියා සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර විශේෂ විමර්ශන ඒකකයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තාවක් නිකුත් කරමින් පවසන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට අමතරව හාලිඇල, රත්නපුර, තංගල්ල, කුරුණෑගල සහ මහනුවර යන පළාත් කාර්යාලවලට ද වංචා සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන බව වාර්තා වනවා.