― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsස්පාඤ්ඤයේදී ලක්මව බැබලවූ ශූරයින් දිවයිනට

ස්පාඤ්ඤයේදී ලක්මව බැබලවූ ශූරයින් දිවයිනට

ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී ඉන් රිදී පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්න සහ ලෝකඩ පදක්කමක් දිනූ කාලිංග කුමාර අද (20) දින උදෑසන දිවයිනට පැමිණියා.

මොවුන් දෙදෙනා අද උදෑසන 08.45 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම තරගාවලිය පසුගියදා (18) ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වුණා.

එහිදී මීටර් 600 ධාවන ඉසව්ව සදහා සහභාගී වූ තරුෂි කරුණාරත්න විනාඩි 01.24.84 ක කාලයකින් මෙම තරගය නිම කර රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙම කාලය මෙතෙක් ආසියාවේ මෙම තරග ඉසව්ව සඳහා වාර්තා වී ඇති හොඳම කාලය වන අතර මෙම ජයග්‍රහණයත් සමග තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීම්වල 45 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ඔලිම්පික් තරග සහභාගී වීමට ලෝක ශ්‍රේණි ගත කිරීම්වල 48 ස්ථානය දක්වා අවස්ථාව හිමි වන අතර තරුෂි කරුණාරත්න ඒ අනුව ඔලිම්පික් පරිසාදන මට්ටම පසු කර ඇති බව ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර පවසනවා.

එසේම මෙම තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ කාලිංග කුමාර එම ඉසව්ව තත්පර 45.91 කින් නිමා කර එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ කාලිංග කුමාර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 53 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා.