29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහීනටියන මහේෂ්ගේ ගෝලයෙක් කුඩුත් සමඟ මාට්ටු

හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් කුඩුත් සමඟ මාට්ටු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘හීනටියන මහේෂ්ගේ’ සමීපතම පුද්ගලයෙක් හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) මිනුවන්ගොඩ පොලිස් වසමේ ඇඹිල්ලවල පාර, පීල්ලවත්ත, මිනුවන්ගොඩ ලිපිනයේ පිහිටි සිල්ලර වෙළදසැල ඉදිරිපිටදී සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 600ක් සහ මන්නා පිහියක් සමඟ යතුරුපැදියකින් ගමන් ගත් මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඔහුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන හීනටියන මහේෂ් යන අය සමග සමීප සම්බන්ධතා පවත්වන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.