― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsකවුරු මොනා කිව්වත් අපේ ගමන අපි යනවා

කවුරු මොනා කිව්වත් අපේ ගමන අපි යනවා

‘සක්වල, හුස්ම’ වැනි වැඩසටහන් කරන විට කල්ලි ගැසී, තනි තනිව, වට කර, පාර්ලිමේන්තුවේ පිටතත් ඇතුළතත් තමාට අපහාස කිරීම්, ඊර්ෂයා කිරීම්, වෛර කිරීම්, ක්‍රෝධ කිරීම් කුහකකම් හා එදිරිවාදිකම් සිදු කරන බවත් මේ සියල්ල කරන්නේ බංකොලොත් රටේ ජනතාවට දූ දරුවන්ට බෙදනවාට විරුද්ධ පුද්ගලයන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (21) කුරුණැගල හිරියාල, නිකදළුපොත, තිත්තවැල්ගාල අල්හික්මා මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

බෙදනවාට, නැති තැනට සම්පත් ලබා දෙනකොට, අඩුපාඩුවලට විසඳුම් ලබා දෙන විට හැමෝම එකට එකතු වී වටකර නින්දා අපහාස සිදු කරන බවත් ඔවුන් හැමෝම එකට එකතු වී තමා සහ සමගි ජන බලවේගය කොන්කර පහර දෙන බවත් ඔවුන් හැමෝම එකට එකතු වුවත් ලක්ෂ 220ක් ජනතාව සිටින්නේ සමගි ජන බලවේගය සමඟ බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

මේ නින්දා අපහාස යනු පාසල් 10096ක හතලිස් එක් ලක්ෂයක් දූ දරුවන්ට කරන අකටයුතුකමක් බවත් තමා සමඟ ඇති ප්‍රශ්නවලට දරුවන්ගෙන් පළි නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සමගි ජන බලවේග රජයක් තුළ පාසල් දරුවන් සියලු දෙනාටම නොමිලේ දිවා ආහාරයක් ලබා දෙන එකට, ගොවියාට පොහොර සහනාධාරය ලබා දෙන එකට, ගොවියාගේ අස්වැන්න මිලදී ගැනීමේ වැඩසටහන් හදන එකට, නව කර්මාන්ත බිහි කර නව රැකියා අවස්ථා හදන එකට, ආර්ථිකය සංවර්ධනය කරන එකට ආදී සියලු දේට මෙම කුහක පක්ෂ විරුද්ධ බවත් බංකොලොත් රටකට මේ ආකාරයෙන් ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම කවුරු එදිරිවාදිකම් විරුද්ධකම් සිදු කළත් මේ ජනතාවාදී ගමන පාසල් දරුවන් කේන්ද්‍ර කර ගත් ගමන නතර කළ නොහැකි බවත් විරුද්ධවාදිකම් කරන්න කරන්න වැඩි වැඩියෙන් සේවාවක් ඉටු කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරනා බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ලෝකයේ දියුණු රටවල සුහුරු අධ්‍යාපනය ක්‍රියාත්මක කරන විට අප රටේ පරණ තාලේ අධ්‍යාපනයක් ක්‍රියාත්මක කරන බවත් එම නිසා එය වෙනස් වී සුහුරු අධ්‍යාපනය මෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.